catergory

Monday, 21 September 2020

දහ අට වංගුව ....


පුරුද්ද ට වගෙ රියට 
නැගුණේ 
වෙනද වාගෙම අද උදේ 
තුන් වටක් වැඳ බුදුන් සිහිකොට 
සිනාසෙන සුක්කානමේ 
පුරුදු කඳුපෙළ වෙනද වාගෙම 
බලා හිනැහුනි මා දෙසේ
නුහුරු නුපුරුදු රුවක් අභියස
තිරිංගය අද නැවතුනේ....

දිනෙන් දින ඇගෙ නුහුරු 
බැල්මන්
හුරුපුරුදු ගතියට හැරේ
ඒත් අහිමිය ඇගේ සෙනෙහස 
බැඳි පෙමට සුක්කානමේ 
ඒ නිසා පුද කළා ඇය ඇගෙ
සිනා මල් දම් ඔහු කෙරේ 
ඇයිද මන්දා අද 
කියන්නේ
මට මගේ හිත මේ ලෙසේ

" නොසැලෙනා මුත් මගේ හිත 
නම්
කඳුයාය හුන්නස්ගිරි 
වගේ
එක හිතක් නැති නුබේ හිතනම් 
අර වංගු දහ අට වගේ...."
#දිල්#

Monday, 14 September 2020

අභිනික්මන...


බෙදා ගත්තා ජීවිතේ 
අපි
දුකත් සතුටත් එක ලෙසින් 
නුබට ඕනම දවසෙදී 
මම
හිටියෙ නෑනේ නුඹ ළගින් ...
බිහිකලා නුඹ පුංචි රාහුල 
කුමරුවන් සැම දුක දරන් 
මා එදා අභිනික්මනේ 
ගොස්
බොහෝ ඈතට මව්බිමෙන් ...

ළය පැලී මිය යන්න 
තරමට
බොහෝ මහලුයි කන්ථකත් 
රම්‍ය, සුරම්‍ය මැදුරු මිහිපිට 
අප නමින් ලියවී නැතත්...

දිවා රෑ වැඩ මුරය නිම 
කර
ගනිමි මම වීඩියෝ 
ඇමතුම
එන්න එහි නුඹ මතක 
ඇතුවම
පුංචි රාහුල ඇහැරවන් 
බැහැදකින්නට පිය රජුන්...
#දිල්#




Wednesday, 9 September 2020

අල්ටයාර් බිල්ඩිම .....


 සිහි කර කර අතීත 

මතක....

ගිනි ගහන කොළඹ අහස 

හරි මැදක 

බේරෙ වැව දෙස නෙත් 

යොමා...

ඔබ සිටිනවා 

අද

අල්ටයාර් බිල්ඩිම ...

එදා අප දෙදෙන 

සිටිය විලසටම ...

#දිල්#






Black&White